Saturday, October 31, 2020
හුස්ම චිත්‍රපටය (2019)
Monday, October 19, 2020
'IDENTITY'(2003)#200#
'මැල්කම් රිවර්ස්' නම් වැරදිකරැබවට පත්වූවෙකු Apartment එකක සිදු වූ දරුණු මිනීමැරුම් කිහිපයක් සම්බන්ධයෙන් මරණ දඬුවම බලාපොරොත්තුවෙන් සිටී. නඩු විභාගයේදී හඳුන්වා දී නොමැති මැල්කම්ට අයත් නඩු වාර්තා සාක්ෂිවල වැරදි ලෙස ගොනු කර ඇති බව සොයාගෙන ඇත. මැල්කම්ගේ මනෝචිකිත්සක වෛද්‍ය මලික් සහ ඔහුගේ විත්තියේ නීතිඥවරයා තර්ක කරන්නේ සාක්‍ෂි හිතාමතාම පැමිණිල්ල විසින් යටපත් කර මරණ දඬුවම සිදු කිරීම නතර කිරීමට පියවර ගෙන ඇති බවයි. මෙම ප්‍රමාද වූ සාක්ෂි ඉදිරිපත් කිරීමත් සමඟ, ඔවුන්ගේ යෝජනාව ලබා දීමට ජර්නලය ප්‍රමාණවත් සාක්ෂි ඇතිදැයි තීරණය කිරීම සඳහා අනෝරා වර්ෂාවක මධ්‍යම රාත්‍රියේ නඩු විභාගයක් පැවැත්වේ.
මේ අතර, ලැරී වොෂිංටන් නමි පුද්ගලයකු විසින් පවත්වාගෙන යනු ලබන නෙවාඩා ප්‍රාන්තයේ හුදෙකලා වු නිවාස සංකීර්ණයකි. මෙම නිවාස සංකීර්ණයේ නම "Motel" ය. රාත්‍රියක ධාරානිපාත වැසි කුණාටුවක් මැද එකිනෙකා නොහඳුනන ආගන්තුකයන් දස දෙනෙකු නවාතැන් ගැනීමට මෙම එපාර්තමෙින්තුවට පැමිණෙයි. මෙම එපාර්තමෙින්තුවට පැමිණෙන කාණ්ඩය, මෙි ඇද හැලෙන මහා වර්ෂාවෙන් පීඩිතව සිටිති. මෙම කාණ්ඩයේ හිටපු පොලිස් නිලධාරියෙකුගෙන් ද සමන්විත වන අතර දැන් ලිමොසින් රියදුරෙකු බවට පත් එඩ් ඩැකෝටා; කැරොලයින් සුසෑන් නමි ක්ෂණික කෝපයට පත්වන නිළියක්; සිරකරැවකු ප්‍රවාහනය කරන පොලිස් නිලධාරී රෝඩ්ස්; රෑමත් ගණිකාවක් වන පැරිස් නෙවාඩා, අලුත විවාහ වූ යුවළක් වන ලූ සහ ජිනි ඉසියානා; සහ යෝර්ක් පවුල, ජෝර්ජ්, ඇලිස් සහ ඔවුන්ගේ නව හැවිරිදි පුත් ටිමී. මෙම දස දෙනාගේ යුත් කාණ්ඩය ඔවුන් ගමන් කරන මාර්ගයේ දෙපස මුළුමනින්ම ජලයෙන් යටවීම නිසා කණ්ඩායමට රාත්‍රිය ගත කිරීමට මෙම එපාර්තමෙින්තුව බල කෙරෙයි.
මෙි "Identity" සිනමාපටයේ මුල් විනාඩි කීපය තුළ දැකගත හැකි දර්ශන කීපයයි. සමිපුර්ණයෙන්ම පාහේ පැයකුත් විනාඩි තිහක් පුරාවටම ප්‍රේක්ෂකයා අත්අඩංගුවට ගන්න "Identity" සිනමාපටය අපව වංකගිරියකට ඇද දමයි. ඝාතන දාමයක් අති වෙිගවත්ව සිදු වෙමින් ප්‍රේක්ෂකයා චරිත වෙත ක්ෂණයෙන් ඇඟිල්ල දිගු කරන්නෙ කුතුහලයේ අග්ගිස්සටම හිරකර තබමිනි. Psychological - Thriller ශානරගත වු මෙවැනි සිනමාපටයන් ආගන්තුක අයවලුන්ට නමි එකවරම තේරැමිගත නොහැකි ය,එනයින් සිනමාපටය නරඹා අවසානයේ ක්ෂණයෙන් තෝන්තු වු සිත් ඇතිව ගුගලය පිරික්සන්නට සිදුවන්නේ නිරායාසයෙන්මයි. "Split","Primal Fear" වැනි චිත්‍රපටයන් මා ප්‍රාණ ඇපයට ගත් අවස්ථාවන් පිළිබඳව නමි මතකයට එන එක මෙතනදි වළක්වන්නට බැහැ කොහොමටවත්. චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා තුළ තිගැස්ම වැඩ් කරන ධාරානිපාත වර්ෂාවත්, එකිනෙකා තුළ ඇති අනවශ්‍ය කලබලකාරී තත්ත්වයන් සියුමිව කුතුහලයේ ශ්‍රාවය වෑස්සෙන්නට ඉඩ හරියි. එක පෙළට සිදුවන මෙම ඝාතන දාමය පිටුපස සැබෑවටම සිටින්නෙ මෙම කාණ්ඩයේම අයෙක්ද? නැතිනමි ආගන්තුකයෙක්ද? අදෘශ්‍යමාන බලවෙිගයක්ද? මෙයාකාරයෙන් වු අටෝරාසියක් ප්‍රශ්න,ගැටලු මැද සිනමාපටය උච්චස්ථානයේ දී පිළිතුරැ ප්‍රේක්ෂකයාට ලැබෙයි. මුළු සිනමාපටය පුරාවටම යොදාගෙන තිබෙන සංස්කරණ විධි සහ ආලෝකකරණය සිනමාපටයේ කතාන්දරය තව තවත් තීව්‍ර කිරීමට මඟපාදා ඇත. මෙි එපාර්තමෙින්තුව තුළ ඇති ගුප්තබව,හුදෙකලා බව සමඟ වර්ෂාව තුළින් ලබා දී ඇත්තේ දැඩි මූසලකමකි. "Identity" සිනමාපටය නැරඹුවොත් ඔබට මනෝවිද්‍යාවෙි නොදුටු පැතිකඩක් ඉගැනුමට මෙන්ම මෙතෙක් කිසිදු කුතුහලය පිරි සංත්‍රාසගත සිනමා අත්දැකීමක් වෙත නිරායාසයෙන්ම ඉඩ හසර විවර කරාව්.
Monday, October 12, 2020
Raatchasi (2019) Film
drama
IMDb 7.3/10
ගරා වැටිච්ච රජයේ පාසලක්,
පාසලේ ඉගෙන ගන්න ලමයින්ව කම්කරුවන් ලෙස පාසල් වෙලාවේ එක්කගෙන යන්න ඉඩ දෙන පාසලක්,
පැමිණිමේ ලේඛනයේ අත්සන් කර තමන්ගේ පෞද්ගලික කටයුතු කරගන්න යන ගුරුවරු,
පාසලේ ලමයින්ට අකුරු කියා නොදී තමන්ගේ වැඩ කටයුතු කරගන්න ගුරුවරු,
සෑම දේකටම පගාව ඉල්ලන උප විදුහල්පති කෙනෙක්
පාසල් භූමියේම ලමයින්ට සිගරට් අලෙවි කරන මුදලාලි කෙනෙක්,
පාසල් භූමියේම ප්‍රසිද්ධියේ මත් ද්‍රවය පානය කරන ශිෂ්‍යයන්
මෙහෙම තියෙන රජයේ පාසලට තමයි අලුතෙන් විදුහල්පතිනියක් එන්නේ,මෙයා එසේ මෙහේ කේනෙක් නෙවෙයි බලන කොට ඔයලටම තේරෙයි ,එයාගෙ නම තමයි ගීතා රාණි(ජෝතිකා)ඉතින් ගීතාරාණිට පුලුවන් වෙයිද මේ පාසල ගොඩනගන්න,,අලුතෙන් එන විදුහල්පතිනිය කෙලින්ම් ඈත පිටිසර තියෙන මේ පාසලටම් පත්වීම ලබාගෙන එන්නත් විශේෂ හේතුවක් තියෙනවා,ඒ ඔක්කොම දැනගන්න එහෙනම් ඉතින් අනිවාරෙන් බලන්න
Friday, October 9, 2020
IN TO THE FOREST MOVIE (2015)
IBDB - 5.8/10
මහා වනාන්තරයක් මැද්දේ තියෙන ලස්සන නවීන නිවහනක ජීවත් වෙන... සහෝදරියෝ දෙන්නෙක් ගැනයි මේ කතාව.. හැමදේම හොදින් සිද්ධ වෙනවා.. හැබැයි ...එක මොහොතක ... ජීවිතේ උඩු යටිකුරු වෙනවා... විදුලි බලය ලෝකය පුරා නැතිවී යනවා... විදුලිය නැතිව ගෙවෙන අවුරුද්දක් මොන වගේ ද? ලෝකේ වෙනස් වෙනවා.. ආහාර හිග වෙනවා.. සුපර් මාකට් හිස් වෙනවා...මිනිස්සු වියරු වැටෙනවා... ජීවිතේ බේර ගන්න... මිනිස්සු එකිනෙකා මරා ගන්නවා... ඒත්... එයාලා හොදින්... මොකද එයාලා ඉන්නේ කැළේ හදපු සුපිරි නිවසක.. හැම පහසුකමක්ම එතන තියෙනවා ...ඒ අදහස එයාලගේ පියාගේ... අම්මා කලින්ම මිය ගිහින්.. ඒත්.. ආහාර, ඉන්ධන ගන්න මෙයාලට නගරයට යන්න වෙනවා....
විදුලිය නොමැති ව..සියල්ල බිඳ වැටුණු ලෝකයක්... සංගීතය නැ... දුරකථන නෑ ...රූපවාහිනී නෑ... ඉන්ටර්නෙට් නෑ... කිසිම දෙයක් නෑ.... තමුන්ට තමුන් විතරයි ... කෑම බීම නැති වෙද්දි අවසානයේ සිද්ධ වෙන්නේ වගා කරන්න .... මේ සහෝදරියෝ දෙන්නව තනිකරලා පියාත් මිය යනවා... දර වෙනුවෙන් ගහක් කපන්න ගිහින් අනතුරක් සිද්ධ වෙනවා.. ඔවුන් දෙන්නා පියාගේ මළසිරුර කැළේ වළක් කපලා වළලනවා...
නිතර නිතර ඇඳ හැරෙන වර්ෂාව නිසා... ටික ටික ගේ අබලන් වෙනවා... මේ අතර... එයාලා තියෙන කෑම සහ ඉන්ධන ටික පරිස්සම් කර ගන්න දැඩි වෙහෙසක් ගන්නවා... දිනක් වියරු වැටුණු එක් මිනිසෙක් ... හදිස්සියේ ඔවුන් සිටින නිවස අසළට ඇවිත්... එක් සහෝදරියක් දූෂණය කරනවා... අනෙක් සහෝදරිය කෑම සොයන්න කැළයට ගිහින් එන අතර දකිනවා ඇගේ අක්කා බිම වැටී සිටින සැටි.... මේ හේතුවෙන් මාස ගණනක් යනකොට දැනගන්නවා ඈ ගැබ්ගෙන ඇති බව.... ඇය තීරණය කරනවා දරුවට ආදරය කරන්න ...සිදු උනු දේ අමතක කරන්න ....
මේ සියල්ලක් අස්සේ.. අනෙක් සහෝදරියට සිද්ධ වෙනවා දරුවෙක් ලැබෙන්න ඉන්න තමුන්ගේ සහෝදරිය ව බලාගන්න.. තනිවම..
මහා කැළයක් මැද.. ඇයට සිද්ධ වෙනවා... කවදාවත් නොකරපු දේවල් කරන්න .. වල් ඌරන්ට වෙඩි තියන්න .. උන්ව හම ගහන්න..මස් කරන්න .... ගැබිනි සහෝදරියට කන්න දෙන්න..... කොළ වර්ග හොයාගෙන කැළේට යන්න.. ගෙඩි කඩාගෙන ඇවිත්... ඒවා පරිස්සම් කරන්න ... ගෙදර ඉතුරු වෙලා තියෙන හැමදේම ....ඈට සිද්ධ වෙනවා ...පරිස්සම් කරන්න .... දරුවා ලැබෙන්න ඉන්න මහා රාත්‍රියක ඇත්තටම ඔවුන් දකිනවා මහා වර්ෂාව නිසා ඒ ගේ ටික ටික කඩන් වැටෙන බව...
ඇත්තටම මේ සහෝදරියෝ දෙන්නට ජීවිතේ බේර ගන්න පුලුවන් වෙයිද...? ලස්සන චිත්‍රපටයක් ....බලන්න ..
Thursday, October 8, 2020
Thappad (2020) Film
IMDB- 6.9/10
චිත්‍රපටය Thappad. 2020 අවුරුද්දේ පෙරබරවාරි මාසයේදී තිරගත වුනු Thappad චිත්‍රපටය Anubhav Sinha ගේ අධ්‍යක්ෂණයක්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන්ට පණ දෙන්නේ Taapsee Pannu , Maya Sarao , Pavail Gulati , Dia Mirza සමඟ Naila Grewal.
මුලින්ම මම චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් කියලා ඉන්නම්.
අම්රිතා කියලා විවාහක කාන්තාවක් ඉන්නවා. ඇයගේ සැමියා තමයි වික්‍රම්. ඔවුන් ඉතාම සතුටින් තම විවාහ දිවිය ගත කරමිනුයි ඉන්නේ. නමුත් චිත්‍රපටයේ මුල ඉඳලම අම්රිතා කියන මේ ගැහැණු චරිතය වික්‍රම් නැත්තම් තම අම්රිතාගේ ස්වාමිපුරුෂයා සහ ඔහුගේ පවුල වෙනුවෙන් සිදුකරන කැපකිරීම ඉතා මැනවින් පෙන්වලා දෙන්න තිර පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. නමුත් එක අවස්ථාවකදී වික්‍රම්ගේ පවුලේ උදවිය යාලුවන්, අම්රිතාගේ පවුලේ උදවිය සහ අසල්වාසීන් ඇතුළු වික්‍රම් ගේ ව්‍යාපාර වලට සම්බන්ධ සියලු දෙනාම ඉන්න සහභාගී වන සාදයකදී වික්‍රම්ට ව්‍යාපාර මට්ටමින් ඇතිවූ ගැටලුවක් නිසා හැමෝම ඉදිරියේ වික්‍රම් අම්රිතාට තදින් කම්මුල් පහරක් එල්ල කරනවා. ප්‍රේක්ෂකයාට මුලන් හිතෙන්නේ, වික්‍රම්ට ඇතිවූ ගැටලුකාරි වාතාවරණය නිසා ඔහුට ඔහුව පාලනය කරගැනීමට නොහැකිව මේ දේ සිද්ධ වුනා කියලා. හැබැයි කතාව හරියටම පටන් ගන්නේ මෙතැනින්. අම්රිතාට මේ සිද්ධිය දරාගන්න බැරි තරමේ කම්පනයක් ගෙන දෙනවා. ඒ නිසාම ඇය තීරණය කරනවා ඇයට එල්ල කළ එකම එක කම්මුල් පහර නිසා වික්‍රම්ගෙන් දික්කසාද වෙන්නට.
චිත්‍රපටය බලාගෙන යනකොට අම්රිතාට ඇතිවූ කම්පනය සහ වික්‍රම් ඊට ප්‍රතිචාර දක්වපු ආකාරය ඉතාම සාධාරණීකරණය කරන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙලා තියෙනවා.
නමුත් අවසානයේදී අම්රිතා දැඩි ලෙස තීරණය කරනවා තමන්ට එල්ල කළ මේ කම්මුල් පහර නිසා වික්‍රම්ගෙන් දික්කසාද වීමට.
ඇත්තටම බැලුවොත් පිරිමින්ට විතරද ආත්ම ගෞරවය , ආත්ම අභිමානය තිබිය යුතු වන්නේ? ගැහැණුන් කසාද බැන්දහම ඔවුන්ට ඒ ගෞරවය අහිමි වෙලා යනවාද?
නැහැ. කොහෙත්ම නැහැ. මේ ලෝකයට අපිව බිහි කරන්නෙත් ගෑණියෙක්. අපේ දරුවන් මේ ලෝකයට බිහිකරන්නෙත් ගෑණියෙක්. එත් පිරිමි හිතාගෙන ඉන්නේ පුංචි කාලේ ඉඳන් පිරිමින්ගේ අභිමතය වෙනුවෙන්ම ගෑණුන් ජීවත් විය යුතුයි කියලා. නැහැ. කොහෙත්ම නැහැ. අන්න එතනදි අපි පිරිමි වෙලත් වික්‍රම් කොච්චර සාධාරණ වුනත්, තමන්ගේ බිරිඳට එහෙම අත උස්සන්න පුළුවන්ද? පිරිමි අපිට වෙන ගැටලු වලට ගැහැණුන්නට ගහලා වීරයෝ වෙනවා කියන්නේ ඒක පිරිමිකම නෙමෙයි කියන Thappad චිත්‍රපටය අවසානයේදී ප්‍රේක්ෂකයා තේරුම් ගන්නවා.
කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අම්රිතා ගෙදර වැඩ සියල්ල කරනවා වගේම වික්‍රම් ඇය වෙනුවෙන් මහන්සි වී මුදල් උපයන්නට මහත් වෙහෙසක් දරනවා කියලා. හැබැයි මතක තියා ගන්න මවගේ යෝනිය තුළින් එළියට ආවාට පස්සේ ගෑනුද පිරිමිද කියලා නෑ. අපි හැමෝටම එක වගේ ආත්ම අභිමානයක් හිමි පුද්ගලයෙකු බවට සියලු දෙනා පත්වෙනවා. ඒක තේරුම් ගන්න බැරුව තමයි මෙවැනි සිදුවීම් කිසිම සැළකිල්ලකින් තොරව අතහැරලා දාන්නේ.
අම්රිතාට ගත්තු තීරණයට අවසානයේදී කොන්ද කෙලින් තියෙන පිරිමි අනිවාර්යෙන්ම ඇය වෙනුවෙන් හිටගන්නවා. ඒ ඇය ගැහැණියක් හෝ බිරිඳක් නිසා නෙමෙයි. ඇයත් සමාජයේ වැදගත් සාධකයක් කියන කාරණය මත.
චිත්‍රපටයේ රංගනයන් ගැන කෙටියෙන් කියන්නම්. Taapsee Pannu මම ඉතාම ප්‍රිය කරන තරුණ ඉන්දීය රංගන ශිල්පිනියක්. ඇයට තිබෙනවා ඇයගේම ප්‍රතිරූපයක් සිනමාව ඇතුලේ. ඇය මේ අම්රිතාගේ චරිතය හරහා කාන්තාවන් සහ පිරිමින් කියලා බේදයක් නැතුව ප්‍රේක්ෂකයා ඇය වෙනුවෙන් නැගී සිටින තැනට පත්කරන්නට ලබා දී තිබෙන රංගන දායකත්වය අති විශිෂ්ඨයි.
ඒ වගේම Pavail Gulati කියන රංගන ශිල්පියා පිරිමි සංහතිය තුළ ඇති පුරුෂාධිපත්‍ය හැඟීම් සහ පසුව ඇතිවන පශ්චාත් තාපය නිසා ඇතිවන සමුදාය හරිම සියුම් විදිහට වික්‍රම් ගේ චරිතය තුළින් පිළිබිඹු කරලා තියෙනවා.
මේ චිත්‍රපටයේ ඉන්න සියලු චරිත විශේෂයෙන්ම Dia Mirza , Maya Sarao , Naila Grewal ඇතුළු සියලු රංගන ශිල්පීන් ශිල්පිනියන් චිත්‍රපටය තුළ මතක හිටින චරිත නිරූපනයක් සිදුකරලා තියෙනවා.
මේක පිරිමි ඔබ බැලිය යුතුම චිත්‍රපටයක්. මොකද තමන්ගේ ප්‍රශ්ණයක් නිසා තව කෙනෙකුට අතක් උස්සනවා කියන්නේ තමන් අතින් සිදුවුනු විශාලතම අඩුපාඩුවක් සහ තමන්ටම සිදුකරගන්න හානියක්. කෝපය නිසා නොදකින අනතුර ගැන දෙවරක් හිතලා බලන්න අවශ්‍ය කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් Thappad චිත්‍රපටය බලන්න.
FORREST GUMP (1994)Film
IMDB: 8.8/10
Rotten tomatoes : 72%
1986 වසරේදී "forrest gump" කෘතිය පදනම්ව ගොඩනැගුනු මෙම චිත්‍රපටය හාස්‍යජනක සහ ඒ තුලින් මතුවන ඇතැම් සංවේදී සිදුවීම් කැටිකොට ගොඩනැගුනු හුදෙක් චිත්‍රපටයකට සීමා නොවූ පුලුල් පරාසයකට නරඹන්නන් ගෙනයන අපූරු චිත්‍රපටයකි.
ආරම්භය: forrest යනු කුඩා කාලයේදී පාදවල ආබාධයක් තිබුන මනස සෙමින් වැඩෙන දරුවෙක්.සෙනෙහෙවන්ත මවකගේ ආදරය සෙනෙහස නොඅඩුව ලැබුනු පුංචි forrest ට පාසල තුල ප්‍රතික්ෂේප වූවකු උනා.ඔහුගේ තම පලමු පාසල් ගමනේදී jenny ව මුනගැහෙනව. ඔහුගෙ පලමු සහ එකම මිතුරියද එකම ආදරවන්තියද වන jenny සමග තම ජීවිතය බෙදාගන්නා අතර හාස්‍යජනක මෙන්ම අපූර්ව සංවේදී සිදුවීම්ද මෙම චිත්‍රපටය තුල ගලා යයි.ඒ අතර,
Forrest ගේ පාද සුවවීම,
යුද්දය අතරතුර forrestගෙ මිතුරා වන babba ගේ සමුගැනීම,
ඔහුගේ මවගේ වියෝව, ඒ වගේම ඔහු වඩාත්ම ආදරය කල jennyගේ වියෝව වැනි බොහෝ සිදුවීම් චිත්‍රපටය නරබන ඕනෑම කෙනෙකුගෙ ඇස් කදුලින් පුරවන තරම් සංවේදී කරවනව.ඒවගේම තමා පැය 2.50කට ආසන්න තිර කාලයක් දක්වා දිවෙන "forrest gump" නරඹන ප්‍රේක්ෂකාගාරයේ අවදානය චිත්‍රපටයෙන් එහාට ගිලිහෙන්නට නොදෙන බවනම් විස්වාසයි.
මේ චිත්‍රපටයේ "Forrest"ගෙ චරිතයට පනපොවන්නෙ "Tom Hanks" .ඔහුගේ හැම රංගනයක්ම වගේ ඔහුගේ හැකියාව මත එම චරිතයේ සාර්තකත්වය මනාව පෙනෙනව. උදාහරණ විදිහට,
saving private ryan,
green mile,
Road to perdition,Captain Phillips,casy away,The terminal..
ආදී චිත්‍රපට තුල කිසිදු ආයාසයකින් තොරව සිදුකරන ඔහුගේ රංගනයන් මෙන්ම,Forrest Gump චිත්‍රපටයේ හාස්‍ය හා හැගීම් දනවන රංගනයකට tom hanks ගේ උත්සහය අනෙක් චිත්‍රපට වගේම මේ චිත්‍රපටය තුලත් අති සාර්තක වෙලා තියනවා.එපමණක් නොව මෙම චිත්‍රපටයට ලැබුණූ සම්මාන 24න් සම්මාන 6කටම හිමිකම් කියන්නෙ tom hanks.
ඒ වගේම තමා robin wright ගෙන් පණ ලැබුන "jenny"ගෙ චරිතය,ඇයද තම හැකියාව තුලින් jenny thuran නරඹන්නන් ඉදිරියේ ජීවමාන කරවනව. Tom සහ robin මෙන්ම අනෙක් සියලුම දෙනාම මේ චිත්‍රපටයට තම උපරිමේ දීල තියනව කිව්වොත් නිවැරැදි.
Robert zemeckisගේ අද්විතීය අධ්‍යක්ෂණයක් වන "forrest gump" චිත්‍රපටය ලොව හොදම චිත්‍රපට අතර 16 වෙනි ස්ථානය වගේම ලොව හොදම අභිප්‍ර්‍රේරණ එසේ නොමැතිනම් " best Motivation movies" 5 අතරින් තැනට හිමිකම් කියනව.....
Tuesday, October 6, 2020
PHANTOM (2015) Film
Kamali from Nadukkaveri 2021
සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend ) සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්. A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී ...
-
යක්කු රිංගන්නේ පාළු හිත් වලට ජයන්ත චන්ද්‍රසිරි නිතරම ආමණ්ත්‍රනය කරන්නේ අපේ හදවත් වල ගැඹුරුම තැනට.ඒක ඔහුගේ මම දැකපු ආදරණීයම පුරුද්ද.සමනල සං...
-
2020 යනු ලෝක සිනමාවට ඉතාමත් අවාසනාවන්ත කාලවකවානුවක්...කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිනමාකර්මාන්තයට අත් වු ඉරණම ගැන අමුතුවෙන් කතා කල යුතු නැත....
-
සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend ) සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්. A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී ...


































