Phantom යනු කබීර් කාන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 2015 වසරේ නිකුත් කරන ලද ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම චිත්‍රපටියකි. මෙය සජිඩි නදියවල් සහ සිද්ධාර්ත් රෝයි කපූර් විසින් නිෂ්පාදනය කරන ලද අතර සයිෆ් අලී කාන් සහ කත්‍රිනා කයිෆ් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරති.
චිත්‍රපටය ආරම්භ වන්නේ චිකාගෝහි මෝටර් රථ හඹායාම කින් වන අතර, එය ජූඩ් රොසයිරෝ සහ ඇමරිකානු පිරිමි පුද්ගලයෙක් වන මැතිවු බ්‍රෝඩ් අතර ගැටුමක් ඇතිකරයි.ගැටුම අවසන් වන්නේ බ්‍රෝඩ් චිකාගෝ ගගේ අයිස් සහිත ජලයට වැටීමත් ඔහුගේ සිරුර අතුරුදහන් වීමත් සමගයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ජූඩ් රොසයිරෝ අතඩංගුවට ගැනීම සහ මිනීමැරුමකට වරදකරු වීමයි.මාස 06 කට පෙර සිහිපත්වීමක් තුළ පෙනීයන්නේ ඉන්දියානු රෝ ප්‍රධානියා රෝයිගේ කාර්යාලයයි. එහිදී ඔහු සහ ඔහුගේ විශ්වාසවන්තයන් ඉතා රහසිගත සැලසුමක් සකසනු ලැබේ.
නැතිවීගිය ආත්ම ගරුත්වයක් සහ පියාගේ ගරුත්වය සුරැකීම සදහා පුතකුගේ උත්සාහය මෙතුලින් ප්‍රතීයමාන වන අයුරු දැකගත හැකිය. තම රටෙහි සිදුකරන ලද බෝම්බ ප්‍රහාරය සදහා වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවන අවස්ථාවක වරදකරුවන් එකිනෙකා වෙත මරණය ගෙන එන්නෙකුගේ කතාපුවතක් මෙන්ම තම රට කෙරෙහි ඇති අභිමානය සහ පක්ෂපාතිත්වය මෙන්ම තම රටෙහි පුරවැසියාගේ ආරක්ෂාව සහ හෙට දවස උදෙසා අපරිමිත කැපකිරීමක් ඉටුකරන්නා වූ වීරයෙකුගේ කතාවක් මෙහි ගැබ්ව ඇත.
IMDB 5.9/10 අගයක තම නාමය ඉදිරියේ සටහන් කරගනු ලබන මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍ර්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත්තක්. මෙහි රූගත කිරීම් 2013 වසරේ ආරම්භ කෙරෙන අතර ලන්ඩන්, කැනඩාව, ඉන්දියා, ලෙබනන්, පාකිස්තනය වැනි රටවල් ගණනාවක සිදුකරන ලදී. මෙහි ප්‍රථම පූර්ව ප්‍රචාරක පටය 2015 ජූලි 25 වන දින එලිදක්වන ලදී. මෙම චිත්‍රපටය වැදගත් වන්නේ මෙය සිනමාහල් 2600 ක තිර ගතකිරීමෙන් පසුව හසීෆ් සයිඩිගේ පෙත්සමකට අනුව පාකිස්තානයේ ලාහ්ගෝර් මහා අධිකරණය මෙය පාකිස්තානය තුළ තහනම් කිරීමයි.කෙසේ උවද ඉන්දියානුවන් ආදරයෙන් වැලදගත් මෙම චිත්‍රපටය සාර්තක චිත්‍රපටයක් යන්න විචාරකයන්ගේ අදහසයි. ඔබත් නරඹන්න, අත්දැකීම විදගන්න phantom
චිත්‍රපට ඔබට කුරිරු යුද්දයක් වෙනුවෙන් සොල්දාදුවකුගේ කැපකිරීම සහ රටක් වෙනුවෙන් පුරවැසියකුගේ කැපකිරීම් සිහිකරනු ඇත. අවසන විරුවා මිය ගියද ඔහු කල කී දේ රටක් රාජ්‍යයක් සාමයෙන් තැබීම උදෙසා ඉවහල් වන බව පසක් කරනු ඇත. නරඹන්න phantom (2015)........





😍😍😍😍😍
ReplyDelete😍😍😍😍
ReplyDelete💛👌🤘
ReplyDelete👍❤️
ReplyDelete❤️👍
ReplyDelete❤❤
ReplyDelete❤
ReplyDelete🖤🖤
ReplyDelete👍❤️
ReplyDelete💪💪
ReplyDelete👍👍👍
ReplyDelete🤟👍
ReplyDelete👍
ReplyDelete👌👌
ReplyDelete❤️🎉️🎉️🎉️😍
ReplyDelete👌👌👌👌
ReplyDelete