Sunday, September 27, 2020

World Famous Lover (2020) Film

චිත්‍රපටය ආරම්භ වන්නේ ගෞතම් හිරගෙදරක සිටියදී ඔහුට කීමට කතාවක් ඇති බව පවසමිනි. ගෞතම් ලේඛකයකු වීමට සිහින ලුහුබඳිමින් සිටින්නෙකි. යමිනී ඔහුව මවක් මෙන් රැක බලා ගන්නා අතර සෑම විටම ඔහුගේ තීරණවලට සහාය වේ. නමුත් ඔහු ඔහුගේ සිහිනය වෙන්වෙන්  කිසිදු උත්සාහයක නොයෙදෙන වගක් යමිනීට පසක් වේ. ඒ හේතුවෙන් ඇය ගෞතම් අතහැර යයි.මෙම අතහැර යෑම තුළ තම ජීවිතයේ විවිධ  දුෂ්කරතාවයන්ට මෙන්ම අපහසුතාවයන්ට පත් වන ගෞතම් තම ජීවිතය  අත්හැර දමන්නේ තමන්ට අවනත නොවූ ප්‍රේමය නැවත තමන්ගේ අයිතියට  පත් කර ගත නොහැකි තත්ත්වයක් තුළය. මිත්‍රත්වයක් තුළ නව ජීවයක් ලබා නැවත ලේඛනයට යොමුවන ගෞතම්  ඔහුගේ  ඉලක්කය කරා පිය මනිනුයේ අපූර්ව ආකාරයෙනි.  

"යෙලන්ඩු" හි සිදුවන කතාවක් මෙහිදී  ගෞතම් විසින්  රචනා කරනු ලැබේ. ශ්‍රීනු නම් ගල් අගුරු ආකර වල වෘත්තීය සමිති නායකයෙකුගේ ජීව්තය මෙහිදී කතාවකට ගොඩනගනු ලැබේ. ස්වර්ණා සහ ශ්‍රීමා අතර දෝලනය වන ශ්‍රීනුගේ ජීවිතය ආදරය නැවත අපහට සිතන්නට යමක් ඉතිරි කර ඇත. මේ ඔවුන්ගේ ජීවිතයයි. ඔවුන්ගේ ආදරයයි. නරඹන්න මෙම අලුත් ඇසින් ලෝකය දකින්න. එක් කතාවක් චරිත තුනක්. එකකින් එකක්ට මිදිය නොහැකිව දම්වැලක පුරුක් මෙන්. මේ ඔබේත් මගේත් ජීව්තය විය හැකියි.

 චිත්‍රපටය රචනය සහ අධ්‍යක්ෂණය Kranthi Madhav සිදුකර ඇති අතර  ප්‍රධාන චරිත සඳහා Vijay Dervarkonda, Aishwarya Rajesh, Raashi Khanna, catherina tresa සහ Izabelle Leite තම රංගන දායකත්වය ලබා දී ඇත. චිත්‍රපටය  නිෂ්පාදනය K.A.Vallabha සිදුකර ඇත.චිත්‍රපටයේ නිෂ්පාදනය 2019 වසරේ පෙබරවාරි මාසයේදී කම්මම් දිස්ත්‍රික්කයේ යෙලන්ඩු හීදී ආරම්භ කර ඇත. එමෙන්ම මෙහි දර්ශණ කිහිපයක් ප්‍රංශයේදී ජූනි මාසයේ රූගත කරන ලදී.  2020  වසරේ පෙබරවාරි 14 දින මෙම චිත්‍රපටය මුල්වරට ප්‍රදර්ශණය කෙරිණි. ඒ ආදරවන්තයින්ගේ දිනය මුල්කරගෙනය. තෙළිඟු භාෂාවෙන් හැරුණුවිට මලයාලම් සහ දමිළ  භාෂාවන්ගෙන්  චිත්‍රපටය එළිදැක්විණි.පැය දෙකකුත් මිනිත්තු තිස් හතරක ධාවන කාලයක් හිමි මෙය 4.6/10 ක් IMDB හි තම චිත්‍රපටය ඉදිරියේ සටහන් කරගනු ලබනවා. 

ස්වාමියාගේ  ජීවිතයේ දුක තමන් සතු කරගන්නට උත්සුක බිරිදක් සහ ඇගේ ආදරයේ අහිමිවීම තුළ සාර්තක වූ සැමියෙකුගේ ජීවිත කතාවයි මේ. ඔබත් නරඹන්න. මේ ලෝකයේ කොතෙකුත් ආදර කතා අතර කුතුහලය, වේදනාව, දුක, සතුට පිරි අලුත් ආදරයයි  world famous lover. 








Sunday, September 20, 2020

Luca (2019) Fil


කතාවක් කියන්නද?
එකෝමත් එක කාලෙක හිටියා කඩවසම් මඩ බෝලයකයි
සුන්දර කොළයකුයි......
එයාලා ගොඩක් ආදරෙන් හිටියේ. දෙන්නත් එක්ක දවසක් සවාරියක් ගියා.
යනකොට හදිසි‍යෙම  සුළඟක් ආවා.....
හුළඟට අපේ වියළි කොළය ගැහෙන්න ගත්තා
මඩ බෝලය නිකන් ඉඳීවිද?  එයා කොළය උඩ වාඩි වුනා.
 හුළඟ නැවතුනාම එයාලා ආයෙත් ගමන  පටන් ගත්තා......
ටික වෙලාවක් ගිහින් මෙන්න මහ හයියෙන් වහින්න පටන් ගත්තා
අපේ කොළය නිකං ඉදිවිද? එයා පියාඹලා මඩ බෝල්ය වහගත්තා
වැස්ස නැවතුනාම එයාලා ආයෙත් ගමන  පටන් ගත්තා....
ඒත් ටිකක් දුර යනකොට වැස්සයි සුළඟයි දෙකම ආවා....😔😔

ඒ කතාව තේරෙන්න නම් මේ ෆිල්ම් එක බලන්නම ඕන....

ආදෙරේ සුන්දර වරදකි
කිසිදා සමාවක් නම්  නැති කීවට දැකල තිබ්බෙ නෑ නේද?? 
බලන්න... මේ ලූකාගේ සහ නීහාගේ ආදර කතාව. ඒ ආදර කතාව ගොඩනැගෙන්නෙ "ලූකා" සිනමා නිර්මාණය වටායි. ආදරේ තියෙමන්නෙම විදින්න මිසක් විදවන්න නෙවෙයි කියන එක මේක බලන ඕනම කෙනෙක්ට වැටහෙන දෙයක්.මේක අමුතු ආදර කතාවක්... අමුතුම ෆැන්ටසියක්. අනෙකාගෙ යහපත පතන රියල් ජීවිතේ අමුතුම ආදර අන්දරය "ලූකා".

2019 ජූනි 28 නිකුත් වෙන මේ සිනමා නිර්මාණය පැය දෙකකුත්, විනාඩි තිස් එකක දාවන කාළයකින් යුක්තයි. මලයාලම් චිත්‍රපටියක් වන මෙය Drama, Myatery, Romance යන කාණ්ඩයට අයත් වන්නක්.. නගර දෙකක් තුළන් සිදුවන සියදිවි නසාගැනීම් දෙකක් සහ දිනපොතක් තුළින් සිදුවන මිනීමැරුමක්..... සංවේදී කලාකරුවෙක් හා කර්මාන්ත රසායනය හැදෑරූ සුරූපී යුවතියක්.... ෆාතිමාගෙන් දික්කසාදය බලාපොරොත්තුවන අක්බර් නම් පොලිස් නිළදාරියෙක්......

මෙය IMDB හි 7.5/10 අගයජක් තම සිනමා නිර්මාණය ඉදිරියේ සටහන් කරගන්නවා.
මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Arun Bose සිදුකර ඇති අතර, නිෂ්පාදනය Linto Thomes  සහ Prince Hussain විසින් සිදුකර ඇත. මෙම සිනමා නිර්මාණය සදහා ලූකා ලෙස Tovino Thomas  රංගනයෙන් දායක වන අතර නීහා ලෙස Ahaana Krishna තම රංගන දායකත්වය ලබාදෙයි...




  

Kamali from Nadukkaveri 2021

  සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend ) සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්.  A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී ...